පළාත් සභා අහෝසි කරන්නේ නෑ…ඊට වඩා දෙමළ අයිතීන් රැකෙන විසඳුමක් ගේනවා…! – ටිල්වින්…

November 18, 2024 at 9:34 am | by emanisa.lk

13 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් අපේක්ෂිත අරමුණු ඉටු නොවූ බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.

එමගින් ගෙන ආ පළාත් සභාවලින් ද දෙමළ ජනතාවගේ ගැටලු සඳහා විසඳුම් ලැබී නොමැති බවයි, ඔහු පෙන්වා දෙන්නේ.

එහෙයින් සියලු පාර්ශ්ව සමග සාකච්ඡා කොට දෙමළ ජනතාවගේ ගැටලු සඳහා විසඳුම් ලැබෙන ක්‍රමවේදයත් සකස් කරගත යුතු බව ද ලේකම්වරයා සඳහන් කරයි.

එතෙක් පළාත් සභා අහෝසි නොකරන අතර දෙමළ ජනතාවට යම් හෝ අස්වැසුමක් ඇත්තේ එමගින් බව ද ටිල්වින් සිල්වා අවධාරණය කරයි.

ජනතා විමුක්ති පෙරමුණු පක්ෂ කාර්යාලයේ මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *