හරිනි ජීඇල් වගේ… කොන්ද පණ නෑ… අගමැතිකමට සුදුසු විජිතයි…! – උවිඳු…

November 17, 2024 at 1:11 pm | by emanisa.lk

ගැටුමක් ඇති වෙන්න යනව කියල පේනව නම්, ගැටුම ගැන ප්‍රසිද්ධියේ කතා කරන්න ඕන​. එතකොට තමා ඒක නිරාකරණය කරගන්න පුලුවන්. කියවන්න ටෝනි බ්ලෙයා ගැන එයාගෙ ඇඩ්වයිසර්, ස්පින් ඩොක්ට ලියපු පොත් දෙක​. [“The Blair Years” Extract from Alastair Campbell Diaries සහ​ “The Alastair Campbell Diaries” Prelude to Power.] කොහොමද දින්නෙ කියලත්, කොහොමද කෙළව ගත්තෙ කියලත් තියෙනව ඒකෙ. මම අනුරව සමාන කරන්නෙ ටෝනිට​. එයාට තමා ජාතික ප්‍රශ්නය විසඳන්න පුළුවන් ටෝනි වගේම​.

පේනවනෙ හරිනිද විජිතද කියන වාදෙ. මට නම් කවුරු වුණත් නෝ ප්‍රොබ්ලම්. ඒත් නිකන් පොෂ් අය හරිනි හරිනි කීවට​, මහන්සි වෙලා ජීවිත කාලෙම දේශපාලනය කරපු අය විජිත විජිත කියනව​. ඒ තර්කයටත් මම එකඟයි. දැන් දිනලම ඉන්න නිසා මම කියන්නම්. ඔය ගැටුම ඉස්සර ඉඳන් තිබ්බ​. ජවිපෙනෙ මෙතන ගාමක බලවේගය, නම වෙනස් කරං ආවට​.

හරිනි අඩු ගානෙ එන්පීපී විධායක සභාවෙදිවත් කෙලින් මතයක් පලකරන්නෙ නැතිව ටිල්වින්ල වගේ – බොල්‍ෂෙවික් මත දරණ​, තාමත් “ද්‍රෝහියා” වගේ වචන පාවිච්චි කරන – පරණ තාලෙ අයටත් යට වෙලා ඉන්නෙ. මට නම් බොල්‍ෂෙවික් වාදය පරදවන්න ඕන​. කමලා හැරිස් පැරදුනත්, එයා බයිඩන් කීව කැත කතාව කන්ඩෙම් කළා. නමුත් හරිනි ලාල චමී ගැන කිව්ව කැත කතාවත් කන්ඩෙම් කලේ නැහැ. ප්‍රශ්න ගොඩක් තියෙනව​.

දැන් නම් ඒව එළිපිට කතා කරන්න ඕන​. හරිනිත් ජීඑල් පීරිස් වගේ. මම ජිල්ලට ඒ කාළෙ කියන්නෙත් ‘කොන්දෙ සබන්’ කියල​. දෙකට නැමෙනව චන්ද්‍රිකා ඉසරහත්!
තව පැත්තකුත් තියෙනව​. ඒ තමයි ගංවල ඉස්සර කාලෙ සයිඩ් ගහල හිටපු, ඒත් ජිවිත කාළෙම දේශපාලනයට කැප වෙච්ච අය අළු ගසල​, අඩි දෙක තුනක් උඩින් ඇවිදින්න ගත්ත අනුර ජනාධිපති වෙච්ච ගමන්. ඒක ස්වභාවිකයි.

ඒත් ඒ අයවත් යම් පාලනයකට ගන්න ඕන​. ආචාරධර්ම් පද්ධතියක් හඳුන්වා දීම අත්‍යාවශ්‍යයි කියල මම හිතනව​. නැතත්තං ප්‍රාදේශීය සභා, පලාත් සභා දිනනව කියන්නෙ බොරු!

මේ මගේ අදහස් හරිද​, ඒව පදනම් වෙන්නෙ මට දවසගානෙ එක එක කෙනා කියන ඒව උඩ​. මම කියන ඒවට අනුරව ගාව ගන්න එපා හරිද​. මම දේශපාලන අදහස් නොලියන්න කියල හිතං හිටියත් මමත් දේශපාලන සත්වයෙක් නිසා බ්‍රේක් නැහැ. මම මට හිතෙන දේවල් කියනව කාට වාසි උනත් අවාසි උනත්. ඒ මගේ හැටි! මම හිතනව මාත් එක්ක හරිනිවත්, ටිල්වින්වත්, අනුරවත් තරහ නෙවෙයි කියල​.

උවිඳු කුරුකුලසූරිය….

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *