මෙවර මහා මැතිවරණයෙන් ජය ලැබුවේ ජාතික ජන බලවේගය සහ සර්වජන බලය පක්ෂය පමණක් බව එහි ජාතික සංවිධායක දිළුම් අමුණුගම පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ මාලිමාව ආසන 159ක් ලබා ගෙන ද සිය පක්ෂය ආසනයක් ලබා ගෙන ද ජයග්‍රහණය කළ බවයි.
මෙම මැතිවරණයෙන් සිය පක්ෂය ආසන 05ක් පමණ බලාපොරොත්තු වුව ද අපේක්ෂිත ජයග්‍රහණය නොලැබුණු බව සඳහන් කළ දිළුම් අමුණුගම, නැවුම් පක්ෂයක් ලෙස ලද ජයග්‍රහණය පිළිබඳ සතුටු වන බව ද සඳහන් කරයි.
මාලිමාව ලද ජයග්‍රහණයට සුබ පතන අතර ඉදිරියේ දී සිය පක්ෂයේ කටයුතු හොඳින් සංවිධානය කරමින් ජයග්‍රහණය උදෙසා කටයුතු කරන බව ද ඔහු අවධාරණය කරයි.
අද (16) මහනුවර දී මාධ්‍ය හමුවක් කැඳවමින් හෙතෙම මේ බව කීය.