මාලිමාවේ ඡන්ද පදනම ලක්ෂ 12කින් නඟිද්දි සජබ සහ සිලින්ඩරේ ලක්ෂ 42කින් නාය යයි…

November 16, 2024 at 11:58 am | by emanisa.lk

ජනා­ධි­ප­ති­ව­ර­ණයේ දී ජාතික ජන බල­වේ­ගය හිමි­ක­ර­ගත් ඡන්ද ප්‍රමා­ණ­යට වඩා මෙවර මහ­මැ­ති­ව­ර­ණයේ දී ඡන්ද 1,228,271ක් ලබ ගෙන තිබේ.

ජාතික ජන බල­වේ­ගයේ ජන­පති ධුර අපේ­ක්ෂ­කයා ලෙස ඉදි­රි­පත් ව ජනා­ධි­පති ධුර­යට පත්වූ අනුර කුමාර දිසා­නා­යක මහතා ජනා­ධි­ප­ති­ව­ර­ණ­යෙන් ඡන්ද 5,634,915ක් ලබා­ගත් අතර මහ­මැ­ති­ව­ර­ණ­යේදී ජාතික ජන බල­වේ­ගය ලබා­ගත් මනාප ගණන 6,863,186කි.

ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී සජිත් ප්‍රේම­දාස මහතා සමගි ජන බල­වේ­ග­ය යටතේ ඡන්ද 4,363,035ක් ලබා ගත්ත ද මෙවර මහ­මැ­ති­ව­ර­ණ­යේදී සමගි ජන බල­වේ­ග­යට හිමි­වන්නේ ඡන්ද 1,968,716ක් පමණි.

ඒ අනුව පෙනී යන්නේ ජනා­ධි­ප­ති­ව­ර­ණය අව­සන්ව දින 54ක් වැනි කෙටි කාල­යක් තුළ සමගි ජන බල­වේ­ගයේ ඡන්ද පද­නම 2,394,319කින් අඩුවී ඇති බවය.

හිටපු ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා පසු­ගිය ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට ඉදි­රි­පත් වූයේ නව ප්‍රජා­ත­න්ත්‍ර­වාදී පෙර­මු­ණෙනි. ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී මනාප 2,299,767ක් මෙම පක්ෂ­යෙන් තරග කළ රනිල් වික්‍ර­ම­සිංහ මහතා ලබා­ගත්ත ද මෙවර මහ­මැ­ති­ව­ර­ණ­යේදී නව ප්‍රජා­ත­න්ත්‍ර­වාදී පෙර­මු­ණට හිමි­වන්නේ මනාප 500,835ක් පමණි. ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී ලබා­ගත් මනාප සංඛ්‍යාව හා සැස­ඳී­මේදී නව ප්‍රජා­ත­න්ත්‍ර­වාදී පෙර­මුණේ මනාප ප්‍රමා­ණය දින 54ක් වැනි කෙටි කාල­යක් තුළ 1,798,932කින් අඩුවී ඇත්තේ එම පක්ෂය ද විශාල පසු­බෑ­ම­කට ලක් වෙමිනි.

පසුගිය ජනාධිපතිවරණයේ දී සජිත් සහ රනිල් ලබා ගත් ඡන්ද විශාල ප්‍රමාණයක් මෙවර ජාතික ජන බලවේගයට හිමිව ඇති අතර ඒ දෙදෙනාට ඡන්දය ලබා දුන් තවත් විශාල පිරිසක් මෙරව ඡන්දය භාවිත කර නොමැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *