මැතිවරණ පිටිය උඩු යටිකුරු කරමින් මාලිමාව පිහිට වූ වාර්තා ගොන්න මෙන්න…!

November 16, 2024 at 10:06 am | by emanisa.lk

දැනට 2024 මහ මැතිවරණයේ සියලු ප්‍රතිඵල නිකුත් වී අවසන්. ඒ එක්කම මේ පාර මැතිවරණයෙන් ජාතික ජනබලවේගය විසින් පිහිටවූ, පිහිට වීමට නියමිත වාර්තා.

මහ මැතිවරණයක පක්ෂයක් ලබාගත් වැඩිම ප්‍රතිශතය: 61.56% (මීට පෙර 2010දී එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් 60.33%)

මහ මැතිවරණයක ජයගත් වැඩිම ඡන්ද කොට්ඨාශ ගණන: 152 (මීට පෙර 2010දී එක්සත් ජනතා නිදහස් සන්ධානය කොට්ඨාශ 136ක්)

මහමැතිවරණයක ජයග්‍රහනය කළ වැඩිම දිස්ත්‍රික්ක ගණන: 21 (මීට පෙර 2010දී එක්සත් ජනතා නිදහස් සන්ධානය දිස්ත්‍රික්ක 19ක්)

මහමැතිවරනයක ලබාගත් වැඩිම ඡන්ද සංඛ්‍යාව: 6,863,186 (මීට පෙර 2020දී පොදුජන පෙරමුණ ඡන්ද 6,853,960)

දිස්ත්‍රික් මට්ටමින් දිනාගත් වැඩිම ආසන ගණන: 141 (මීට පෙර 2020දී පොදු ජන පෙරමුණ ආසන 128)

මහ මැතිවරණයක වැඩිම ජාතික ලැයිස්තු ආසන: 18 (මීට පෙර 2020දී පොදුජන පෙරමුණ ආසන 17)
මහමැතිවරණයක ජයග්‍රහණය කළ වැඩිම ආසන: 159 (මීට පෙර 2020දී පොදුජන පෙරමුණ ආසන 145)

සමානුපාතික ක්‍රමය යටතේ පාර්ලිමේන්තුවේ ආසන 225න් 2/3ක් ආසන තනි පක්ෂයක් විසින් දිනාගත් පළමු අවස්ථාව මීට පෙර මැතිවරණයේ 3% මට්ටමේ සිට රටක ඉතිහාසයේ මෙතරම් වාර්තා පිහිටවූ පළමු අවස්ථාව අර කියන්නත් වගේ ලොවෙත් නැතිවෙන්නම දිනපු දිනිල්ලක් මේක !

රජිත් කීර්ති තෙන්නකෝන් – FB

මහා මැතිවරණයකදී ලබාගත් වැඩිම මනාප : විජිත හේරත්ගේ 716,715 ක මනාප වාර්තාව ද මීට එක්විය. 2020දී මහින්ද රාජපක්ෂ 527,364 මනාප ලබමින් පිහිට වූ වාර්තාව මනාප 655,289ක් ලබමින් හරිනි අමරසූරිය අලුත් කළ අතර අනතුරුව විජිත හේරත් එම වාර්තාව අභිබවා ගියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *