මාලිමාණ්ඩුවේ ඇමැති මණ්ඩලය උපරිම 25යි… නියෝජ්‍ය ඇමැති ධුර ටිකක් වැඩිවෙයි..! – ටිල්වින් සිල්වා…

November 15, 2024 at 4:56 pm | by emanisa.lk

ජාතික ජන බලවේග ආණ්ඩුව ඇමති ධුර සංඛ්‍යාව 25තට සීමා වන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.

එහෙත් විශාල අමාත්‍යංශවල කාර්යභාරය තනි නියෝජ්‍ය ඇමැතිවරයෙකුට කළ නොහැකි නිසා ඒ සඳහා නියෝජ්‍ය ඇමති ධුර 2 බැගින් පත් කිරීමට සිදුවිය හැකි බව ද හෙතෙම පෙන්වා දෙයි.

එළඹෙන 21 වෙනිදා පාර්ලිමේන්තුව කැඳවන බවත් ඊට පෙර ඇමැති මණ්ඩලය දිවුරුම් දෙන බවත් ටිල්වින් සිල්වා වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

ජවිපෙ මහ ලේකම්වරයා වැඩි දුරටත් සඳහන් කළේ, අගමැති ධුරය සඳහා ආචාර්ය හරිනි අමරසූරිය නැවත පත්කරන බවත් එහි කිසිදු වෙනසක් සිදු කිරීමට අපේක්ෂා නොකරන බවත් ය.

අද (15) පැලවත්ත පක්ෂ කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *