ඊයේ (14) පැවති 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵල මේ වන විටත් නිකුත් වෙමින් තිබේ.
ප්‍රකාශිත ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගය බොහෝ ඉදිරියෙන් සිටින අතර මේ වන විටත් ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය බහුතර බලය ලබා ගෙන තිබේ.
එසේ ම වර්තමාන ප්‍රතිඵල විශ්ලේෂණය කිරීමේ දී ඔවුන්ට තුනෙන් දෙකක විශේෂ බහුතර බලයක් ද ලබා ගැනීමේ වැඩි ඉඩකඩක් තිබේ.දැනට ප්‍රකාශිත ප්‍රතිඵල අනුව ආසන බෙදී යනු ඇත්තේ මෙසේය. බොහෝ දුරට ජාතික ජන බලවේගයට ආසන 160කට ආසන්න ප්‍රමණයක් ලැබෙනු ඇත.
ජාතික ජන බලවේගය – 145
සමගි ජන බලවේගය – 38
දෙමළ සන්ධානය – 4
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ – 3
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 2
මෙවර උතුරු නැගෙනහිර මෙන්ම වතුකරයේ ද සුළු වාර්ගික පක්ෂ වෙනුවට ජාතික ජන බලවේගය ජනතාව විසින් තෝරා ගැනීම විශේෂත්වයකි.