රටේ හිටපු ජනාධිපතිවරුන්ට තත් කාලයේ කැබිනට් ඇමැතැවරයෙකු භුක්ති විඳින වරප්‍රසාද ව්‍යවස්ථාව අනුව හිමි වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.
හිටපු ජනාධිපතිවරුන් අතරින් මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ කොටි ත්‍රස්තවාදය පරාජය කරන සටනට නායකත්වය ලබා දුන් නිසා තර්නයක් ඇති විය හැකි බව ද හිටපු හමුදා ප්‍රධානියෙකු වූ ජානක පෙරේරා කොටි ත්රස්තවාදීන් විසින් ඝාතනය කළේ හමුදාවෙන් විශ්‍රාම ගොස් සිටි අවස්ථාවක බව ද ඔහු පෙන්වා දෙයි.
හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද පිළිබඳ කතා කරන කිසිවෙකු රෝහණ විජේවීරගේ බිරිඳ සහ කොටි සංවිධානයේ හිටපු ජාත්‍යන්තර නායක කුමරන් පද්මනාදන් රජය මගින් නඩත්තු කිරීම පිළිබඳ ප්‍රශ්න නොකරන බව ද පාඨලී චම්පික රණවක සඳහන් කරයි.
youtube නාලිකාවක් සමග සාකච්ඡාවකට එකතු වෙමින් ඔහු මේ බව කීය.