සම්භාහනයට ගෙන්වා ලක්ෂ 10ක් කොල්ලකාලා… ජන අරගල අපේක්ෂිකාව අත්අඩංගුවට….!

November 12, 2024 at 1:26 pm | by emanisa.lk
සම්බාහන සේවයක් ලබා දෙන බව පවසා දකුණු පළාතේ රෝහලක වෛද්යවරයෙකුගෙන් රුපියල් ලක්ෂ 10කට අධික මුදලක් කොල්ලකෑ සැකකරුවන් පස් දෙනෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් විසින් සම්බාහන සේවයක් ලබා දෙන බව පවසා අදාළ වෛද්යවරයා කැඳවා නිරුවත් කර වීඩියෝගත කර පහර දී, පිහි පෙන්වා බිය ගන්වා ඔහු ලවා රුපියල් ලක්ෂ 10ක මුදලක් අන්තර්ජාල බැංකු කටයුතු හරහා බැර කරවාගෙන පසුම්බියේ තිබූ රු. 15000ක මුදලක් ද කොල්ලකා තිබේ.
මෙම සැකකාරිය ජන අරගල සන්ධානයේ කොළඹ දිස්ත්රික්ක මැතිවරණ අපේක්ෂිකාවක වන අතර ඔහුගේ සැමියා ත්රිරෝද රථ රියකුරෙකු බව වාර්තා වෙයි. මෙම මුදල තැන්පත් කරවා ගෙන ඇත්තේ ද ඇගේ බැංකු ගිණුමකටය.
ඒ සම්බන්ධව බම්බලපිටිය පොලිස් ස්ථානය වෙත ලද පැමිණිල්ලත් මත විමර්ශන සිදුකර සිද්ධියට සම්බන්ධ සැකකාර යුවළ ඇතුළු පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.
 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *