හොඳම පාස්පෝට් අතර ලංකාව ස්ථාන 05ක් ඉහළට…!

November 10, 2024 at 5:06 pm | by emanisa.lk

වාර්ෂිකව එළිදක්වනු ලබන හෙන්ලි පාස්පෝට් ඉන්ඩෙක්ස් ගමන් බලපත්‍ර දර්ශකය අනුව ශ්‍රී ලංකාවේ ගමන් බලපත්‍රය 95 වැනි ස්ථානයට පත්ව තිබේ.

මෙම දර්ශකයට විවිධ ගමන් බලපත්‍ර 199 ක් සහ විවිධ සංචාරක ගමනාන්ත 227 ක් ඇතුළත්ය. පූර්ව වීසා අවශ්‍යතා නොමැතිව ගමන් කළ හැකි ගමනාන්ත අනුව ලොව ගුවන් ගමන් බලපත්‍ර ශ්‍රේණිගත කර ඇති අතර ඒ අනුව එම දර්ශකයේ පළමු ස්ථානයේ පසුවන්නේ සිංගප්පූරුවය.

එම ගමන් බලපත්‍රයෙන් ලොව ගමනාන්ත 195 කට වීසා රහිතව ගමන් කළ හැකිය. දෙවැනි ස්ථානයට පත්ව ඇත්තේ ජපානය, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය සහ ස්පාඤ්ඤයයි.

ශ්‍රී ලංකා ගමන් බලපත්‍රය සඳහා වීසා රහිත ප්‍රවේශය හිමි රටවල් ගණන 44 කි. 2023 වසරේ ශ්‍රී ලංකාව පැවතියේ 100 වැනි ස්ථානයේ වන අතර මේ වසරේ අගයන් පහකින් ඉහළට පැමිණ තිබේ. මෙම දර්ශකයේ අවසන් ස්ථානය එනම් 105 වැනි ස්ථානය හිමිව ඇත්තේ ඇෆ්ගනිස්ථාන ගමන් බලපත්‍රයටය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *