ජනාධිපතිවරණ ජයග්‍රහණයත් සමග වෙනස සඳහා මුල්ගල තැබුව ද ආණ්ඩුවක් නොමැතිව ලොකු වෙනස්කම් කළ නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.
රාජ්‍ය සේවක වැටුප් කිරීමට අස්වැසුම නොලැබෙන අයට ලබා දීමට තමන්ට අවශ්‍ය වුව ද බදු බර අඩු කිරීමට උපයන විට ගෙවන බදු සීමාව වෙනස් කිරීමට තමන්ට අවශ්‍ය වුව ද ඒ සඳහා පාර්ලිමේන්තු බලයක් අවශ්‍ය බවයි, ප්‍රධාන ලේකම්වරයා පෙන්වා දුන්නේ.
පාර්ලිමේන්තු බලය නොමැතිව මේ කිසිවක් ආරම්භ කළ නොහැකි බව ටිල්වින් සිල්වා අවධාරණය කරයි.
ජාතික ජන බලවේග ජන හමුවක් අමතමින් හෙතෙම මේ බව කීය.