නොවැම්බර් 14 ආණ්ඩුවේ චණ්ඩින්ගේ ලයිසන් කැන්සල්…!-ඩී.වී. චානක

November 7, 2024 at 4:40 pm | by emanisa.lk

ආණ්ඩුව සිය අසාර්ථකත්වය වසා ගැනීමට මාධ්‍යයට තර්ජනය කිරීම සහ චණ්ඩිපාට් දමන පෙන්වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක පවසයි.

ඉස්සර තමන් නිකන්ම චණ්ඩි වුව ද දැන් තමන්ට චණ්ඩිකම් කිරීමට ලයිසන් ද ඇතැයි ලාල්කාන්ත පවසා ඇතැයි ද ඔහු සඳහන් කරයි.

රටේ ජනතාව අනුර දිසානායක ජනාධිපති කළේ චණ්ඩිකම් කිරීමට දැයි හිටපු මන්ත්‍රීවරයා ප්‍රශ්න කරයි.

නොවැම්බර් 14 වෙනිදා යනු ජනතාව, ආණ්ඩුවට චණ්ඩිකම් කිරීමට ලැබුණු ලයිසන් එක අයින් කරන දවස බව ද හෙතෙම සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනහමුවක් අමතමින් ඩී.වී. චානක මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *