පෙට්‍රල් 92 Uni නැව් තොග 5ක් මිල දී ගැනීම වෙනුවෙන් වූ දිගු කාලීන කොන්ත්‍රාත්තුව පිරිනැමීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ. ඒ 2024-12-01 දින සිට 2025-05-31 දින දක්වා ය.
ඒ අනුව එම මිලදී ගැනීම සඳහා ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ ලියාපදිංචි සැපයුම්කරුවන්ගෙන් ලංසු කැඳවා තිබේ. ඒ සඳහා ලංසු 7 ක් ලැබී ඇති අතර මූලික ඇගයීමේදී ලංසු 3 ක් ප්‍රතික්ෂේප වී ඇත.
එහි දී අදාළ කොන්ත්‍රාත්තුව නිකුත් කළ දින සිට දින 30 කින් ණයවර ලිපියක් මඟින් ගෙවීම් කිරීමේ ක්‍රම වේදය යටතේ සිංගප්පූරුවේ විටෝල් ඒ ෂියා පෞද්ගලික සමාගම වෙත කොන්ත්‍රාත්තුව ප්රදානය කිරීමට බලශක්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.