ඇමරිකානු රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්රම්ප් ජනාධිපතිවරණ ජය ගත් අතර ඔහු එරට 47 වැනි ජනාධිපතිවරයා ලෙස තේරී පත්විය.
ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ට්රම්ප් පවසා ඇත්තේ අමෙරිකානු ජනතාව තමාට පෙර නොවූ විරූ සහ බලවත් ජනවරමක් ලබාදී ඇති බවයි.
මෙම ජනාධිපතිවරණ ප්රතිඵලය ලෝක ආර්ථිකයට සැලකිය යුතු බලපෑමක් ඇතිකරතැයි විචාරකයෝ අනුමාන කරති.
ඩොනල්ඩ් ට්රම්ප් සිය පාක්ෂිකයන් අමතමින් පැවසුවේ අමෙරිකානු ජනතාව පෙර නොවූ තරම් ජන වරමක් තමන් වෙත ලබා දී ඇති බවය.
මෙහිදී ඩොනල්ඩ් ට්රම්ප් ඡන්ද විද්යාල 277ක බලය තහවුරු කරගත් අතර ඔහුගේ ප්රධානතම ප්රතිවාදිනිය වූ කමලා හැරිස් ජයගත්තේ ඡන්ද විද්යාල 224ක් පමණි.
2017 වසරේ දී ජනාධිපතිවරණය ජයගත් ඩොනල්ඩ් ට්රම්ප් 2020 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වූව ද ඔහු පරාජය කරමින් ජෝ බයිඩන් ජයග්රහණය කළේය.
ඩොනල්ඩ් ට්රම්ප් පසුගිය ජනාධිපති ධුරය දැරූ කාලය ඇමරිකාව කිසිදු යුද ගැටුමකට මැදි නොවූ කාලයක් ලෙස වාර්තා වෙයි.