මාධ්‍යට බාධා කළේ අගමැතිනිගේ ආරක්ෂාවට… ඒකට මාධ්‍ය මර්දනය කියන්න එපා.. ඉස්සර අගමැතිලට කිට්ටු වෙන්නත් බෑ…! – විජිත හේරත්…

November 6, 2024 at 1:05 pm | by emanisa.lk

අගමැති හරිනි අමරසූරිය සහභාගී වන ඇතැම් උත්සව අවස්ථාවල මාධ්‍ය ආවරණ සීමා කරන්නේ ඇගේ ආරක්ෂක අංශ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ඇමැති විජිත හේරත් පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ එය ආරක්ෂක අංශ අගමැතිනියගේ ආරක්ෂාව උදෙසා උදෙසා සිදුකරන ක්‍රියාවක් ලෙස මිස මාධ්‍ය මර්දනයක් ලෙස හුවා දැක්වීම වැරදි බවයි.

මීට පෙර අගමැතිවරු අසලටවත් යාමට නොහැකි වූ බවත් දැන් එහි විශාල වෙනසක් දැකගත හැකි බවත් ඇමැතිවරයා පෙන්වා දෙයි.

ආණ්ඩුවට මාධ්‍ය මර්දනයට කිසිදු උවමනාවක් නැති නමුත් කිසිවෙකුට අපහාස කරමින් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීමට අයිතියක් නැතැයි ද ඇමැති විජිත හේරත් අවධාරණය කළේය.

අද (06) කැබිනට් තීන්දු දැනුම් දීමේ මාධ්‍ය හමුව අමතමින් විජිත හේරත් මේ බව කීය.

එහි දී අගමැතිනි හරිනි අමරසූරිය සහභාගී වන උත්සව අවස්ථා ආවරණයට මාධ්‍යයට ඉඩ නොදීම පිළිබඳ විමසූ අවස්ථාවේ හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *