ඊයේ (05) පැවැති ඇමරිකානු ජනාධිපතිවරණ ප්රතිඵල මේ වන විට නිකුත් වෙමින් තිබේ.
ජනාධිපතිවරණයේ තරඟය ඇත්තේ වර්තමාන ඩිමෝක්රටික් පක්ෂයේ උප ජනාධිපති කමලා හැරිස් සහ රිපබ්ලිකන් පක්ෂයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් අතරය.
මේ වන විට නිකුත් වී ඇති ප්රතිඵල අනුව ආසන 211ක් ලබමින් ඩොනල්ඩ් ට්රම්ප් ඉදිරියෙන් සිටින අතර කමලා හැරිස් ජයග්රහණය කර ඇති ආසන ප්රමාණය 153කි.
ජනාධිපතිවරණය ජය ගැනීම සඳහා ආසන 270කට වඩා ජයග්රහණය කළ යුතුය.