සිපෙට්කෝ සභාපති කියන්නේ පට්ටපල් බොරු… සමාගම්වලට වන්දි ගෙවන කිසිම ගිවිසුමක් නෑ..! – කාංචන විජේසේකර…

November 5, 2024 at 5:18 pm | by emanisa.lk

මෙරට ඉන්ධන බෙදා හරින සමාගම් සමග ඉන්ධන අලෙවිය හෝ මිල පදනම් කරගෙන වන්දි ගෙවීමට පහුගිය ආණ්ඩුව කිසිදු ගිවිසුමකට නොඑළඹුණු බව හිටපු විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසයි.

ඔහු සිය x ගිණුමේ සටහනක් තබමින් මේ පිළිබඳ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා සිදුකළ ප්‍රකාශය සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව සඳහන් කරයි.

ඛනිජ තෙල් සංස්ථාව ඛනිජ තෙල් ව්‍යාපාරයෙහි අලෙවිකරුවෙකු මිස මිල නියාමක ලෙස කටයුතු නොකළ බව ද හිටපු ඇමැතිවරයා පෙන්වා දෙයි. එසේම මිල සූත්‍රය හඳුන්වා දුන්නේ ඛනිජ තෙල් සංස්ථාවේ පිරිවැය මත ඉන්ධන මිල ගණනය කිරීම සඳහා බව ද හිටපු ඇමැති කාංචන විජේසේකර එමගින් වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

ඊයේ මාධ්‍ය හමුවක් කැඳවමින් තෙල් සංස්ථා සභාපති ඩී.ජේ. රාජකරුණා ප්‍රකාශ කළේ ජනතාවට ඇඟට දැනෙන මිලකින් තෙල් මිල පහත දැමිය නොහැකිව ඇත්තේ පසුගිය ආණ්ඩුව පෞද්ගලික තෙල් බෙදා හරින සමාගම්වලට මිල සූත්‍රය නිසා අලාභයක් සිදු වුවහොත් පාඩුව ගෙවීමට ගිවිසුමකින් එකඟව ඇති බවත් දැනටමත් ඒ සඳහා වව්චර කිහිපයක් ලැබී ඇති බවත්ය.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *