පසුගිය ආණ්ඩුව එළඹ ඇති ගිවිසුම් නිසා ඉන්ධන මිල ජනතාවට දැනෙන ප්‍රමාණයකින් අඩු කිරීමට නොහැකි බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ එම ගිවිසුම් නිසා සිය ආණ්ඩුවට ස්වාධීනව කටයුතු කිරීමේ හැකියාවක් නොමැති බවයි.
ඉන්ධන වෙළඳපොළට අලුතින් එකතු වූ IOC, සිනොපෙක්, ආර්.එම්. පාර්ක් සහ යුනයිටඩ් යන සමාගම් ද භාවිත කරන්නේ වර්තමාන මිල සූත්‍රය බව ද සභාපතිවරයා පෙන්වා දෙයි.
ඔවුන් සමග එකඟ වී ඇති ගිවිසුම් නිසා මිල සූත්‍රය අනුව තෙල් අලෙවි කිරීමෙන් ඔවුන්ට යම් පාඩුවක් වුවහොත් ආණ්ඩුව එම පාඩුව ගෙවීමට බැඳී සිටින බව ද පසුගිය සමයේ සිදු වූ පාඩු පියවීම සඳහා දැනටමත් එම සමාගම් බිල්පත් යොමු කොට ඇති බවත් ඔහු අනාවරණය කරයි.
අදාළ පාඩුව එම සමාගම් වෙත මාස තුනක් ඇතුළත රජය ගෙවා දැමීමට බැඳී සිටින බව ද ඩී.ජේ. රාජකරුණා ප්‍රකාශ කළේ අද (04) මාධ්‍ය හමුවක් අමතමිනි.