සිය පක්ෂයට විවිධ ව්‍යාපාරිකයන් සහ ඩයස්පෝරාව උදව් කරන බවට විවේචන ඇතැයි ප්‍රජාතන්ත්‍රවාදී හඬ සංවිධානයේ නායක රංජන් රාමනායක පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ තමන් රටට යහපතක් හොඳක් කිරීමට සැරසෙන නිසා ලොව පුරා සියලු ම රටවල ඩයස්පෝරා තමන්ට උදව් කරන බවයි.
රංජන් රාමනායක තරඟ වදින දේශපාලන පක්ෂය ලයිකා සමූහ ව්‍යාපාරයේ හිමිකරු සුභාෂ්කරන් අලිරාජාට අයත් බවටත් මැතිවරණ ව්‍යාපාරයට උදව් කරන්නේ දෙමළ ඩයස්පෝරාව බවටත් නැගෙන විවේචනයට පිළිතුරු ලබා දෙමින් නුවරඑළියේ පැවැති ජන හමුවක් අමතමින් හෙතෙම මේ බව කීය.