ඡන්දෙට පෝස්ටර් ගැසීම නීත්‍යානුකූලයි… මාලිමා පෝස්ටර්වලට අත නොතබනු…! – ලාල්කාන්ත පොලිසියට දැනුම් දෙයි…

November 3, 2024 at 4:20 pm | by emanisa.lk

ජනරැලියක ප්‍රචාරණ කටයුතු සිදු කිරීම මැතිවරණ නීතිය අනුව නීති විරෝධී කටයුත්තක් නොවන බව ජාතික ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී. ලාල් කාන්ත මහතා සඳහන් කරයි.

එම එම කටයුත්ත සඳහා මැතිවරණ කොමිසමෙන් අනුමැතිය ඇති හෙයින් පෝස්ටර්වලට අත නොතියන ලෙස පොලිස් ස්ථානාධිපතිවරුන්ට දැනුම් දෙන බව ද කියා සිටියේය.

මහනුවරදී පැවැති ජාතික ජන බලවේගයේ ප්‍රචාර ජන රැලියක ප්‍රචාරක පෝස්ටර් පොලිසිය විසින් ඉරා දැමීම සම්බන්ධයෙන් මහනුවර ජනරැලියේදී අදහස් පලකරමින් ඔහු මේ බව පැවසුවේය.

තම ජනරැලියේ පෝස්ටර් ඉරා දමමින් ගිය පොලිසිය මහනුවර දිස්ත්‍රික්කයේ වෙනත් පක්‍ෂවල කිහිප දෙනෙකුගේ පෝස්ටර් සති ගණන් ප්‍රදර්ශනය කරමින් තිබියදී බලා සිටින බවට ද චෝදනා කළේය.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *