ජනාධිපති පාස්කු චූදිතයන් රැකීම ඉතිහාසයේ කළු පැල්ලමක්.. කිසිම ජනාධිපති කෙනෙක් මෙහෙම හැසිරිලා නෑ…! – ගම්මන්පිල…

November 3, 2024 at 12:20 pm | by emanisa.lk

අනුර දිසානායක ජනාධිපති ධුරයට පත්ව මසක් ගතවීමටත් පෙර බලය අයුතු ලෙස භාවිත කිරීම නම් විෂමාචාරය සිදුකොට ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසයි.

හිටපු මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ පාස්කු ප්‍රහාරය පිළිබඳ චැනල් 04 නාලිකාව නිර්මාණය කළ වැඩසටහන පිළිබඳ විමර්ශනය සඳහා පත්කළ ජනාධිපති කමිටු වාර්තාව සිය පක්ෂය කලින් දැරූ ස්ථාවරය බොරු බව තහවුරු කොට ඇති බව දැනගත් පසු ලාච්චුවක දමා යතුරු දැමීමට කටයුතු කළ බවයි.

එසේම තමන්ට සිය දේශපාලන වේදිකාවේ සිට උදව් කළ සගයන් දෙදෙනෙක් වැරදිකරුවන් කොට ඇති නිසා ඊළඟ වාර්තාවත් සඟවා තැබීමට ජනාධිපතිවරයා කටයුතු කළ බව ඔහු සඳහන් කරයි.

ජනපති අනුර රවී-ශානී රැකගන්න කටයුතු කළ පරිදි ජනපති ජේ.ආර්., ගෝනවල සුනිල් රැකගැනීමට හෝ ජනාධිපති ප්‍රේමදාස, සොත්ති උපාලි රැකගැනීමට හෝ ජනාධිපතිනි චන්ද්‍රිකා බැද්දගානේ සංජීව රැකගැනීමට හෝ කටයුතු කර නොමැති බව ගම්මන්පිල ප්‍රකාශ කරයි.

අනුර දිසානායකගේ හැසිරීම විධායක ජනාධිපති ඉතිහාසයේ දැවැන්ත කළු පැල්ලමක් ලෙස තමන් සලකන බව ද ඔහු අවධාරණය කරයි.

ජනාධිපති විමර්ශන වාර්තා මගින් පාස්කු ප්‍රහාරය පිළිබඳ චෝදනා එල්ල වූ චූදිතයන් පොලිසියේ ඉහළ තනතුරුවලින් චූදිතයින් එළවන්න මහජන පෙත්සමක් අත්සන් කිරීමේ අවස්ථාවට එකතු වෙමින් උදය ගම්මන්පිල මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *