විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුව අසල ඇති වී ඇති පෝලිමේ ඉදිරි පෙළ ඉඩක් ලබාදීම සඳහා කණ්ඩායමක් රුපියල් 5000ක් අය කරන ජාවාරමක් සිදුකරන බව වාර්තා වේ.
දෛනිකව 2000 කට ආසන්න සංඛ්‍යාවක් එම ස්ථානයේ පෝලිම් ගැසෙන අතර බොහෝ විට ඉදිරි දිනයක් ලබා ගැනීම සඳහා ටෝකන් පතක් ලැබෙන්නේ 1000 කට ආසන්න පිරිසකටය. එම පිරිස තුළට ඇතුළු කිරීම සඳහා ජාවාරම්කරුවන් විසින් රුපියල් 5000 ක මුදලක් ලබාගන්නා බවට වාර්තා වේ.
ඇතැම් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පාන්දර සිට පෝලිමේ සිටුවා ස්ථානයක් අල්ලා ගන්නා මෙම ජාවාරම්කරුවන් දහවල් කාලයේදී එම ස්ථානය 5000 කට විකුණන බව ද වාර්තා වෙයි.