විදේශ රටවල එක මාසයක ආදායමෙන් වාහනයක් මිලට ගත හැකි බව ජාතික ජන බලවේගයේ නලින් හේවගේ මහතා පවසයි. ඔහු සඳහන් කළේ මහ වැසි මැද දරුවන් දෙදෙනා රැගෙන බයිසිකලයෙන් පාසල් යන අපේ රටේ දෙමාපියන් පව් බවයි.
එහෙත් අපේ රටේ මුළු ජීවිත කාලය පුරා උපයන මුදල එකතු කළ ද මිලට ගත හැක්කේ ට්‍රැක්ටරයක රෝදයක් පමණක් බවත් ඔහු පෙන්වා දෙයි.
ජපානයේ විට්ස් වර්ගයේ මෝටර් රථයක් රුපියල් ලක්ෂ දොළහකට ලංකාවට ගෙන ආ හැකි බවත් එසේ ගෙන දෙන්නේ නම් සියලු දෙනාට එය මිලට ගත හැකි බවත් නලින් හේවගේ කියයි.
එහෙත් රජයෙන් එම වාහන සඳහා රුපියල් ලක්ෂ හැත්තෑවක අසූවක පමණ බද්දක් අය කරමින් ඇතැයිද ඔහු පෙන්වා දෙයි.
ජනතාවට වාහනයක් මිලට ගත නොහැක්කේ වාහන මිල වැඩි නිසා නොව තක්කඩි පාලකයන් නිසා බවට ද ඔහු චෝදනා කරයි.
ජාතික ජන බලවේග ආණ්ඩුව විසින් වසර දහයක කාලයක් ඇතුළත ලංකාවේ සෑම නිවසටම වාහනයක් ගත හැකි ආකාරයේ ආර්ථිකයක් ගොඩනගන බවත් ඔහු කියා සිටියේය.
ඒ ජාතික ජන බලවේගයේ ජන හමුවක් අමතමිනි.