මහා මැතිවරණය කැඳවන අවස්ථාවේ ජාතික ජන බලවේගය ආසන 125ක් පමණ ලබාගනු ඇතැයි අනුමාන කළ බව සර්වජන බලය පක්ෂයේ මහාචාර්ය චන්න ජයසුමන පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ මේ වන විට මාලිමාවේ ජනප්රියත්වය බැස යන වේගයට ආසන 113 ලබා ගැනීම ද අසීරු ඉලක්කයක් බවයි.
මාලිමාවේ ජනප්රියත්වය හීන වන වේගය ම සර්වජන බලයේ ජනප්රියත්වය ඉහළ යන බව ද චන්න ජයසුමන සඳහන් කරයි.
සර්වජන බලය කැලණිය ආසන බල මණ්ඩලය අමතමින් හෙතෙම මේ බව කීය.