ශ්‍රී ලංකාවේ නව ආණ්ඩුව විස්තීරණ ණය වැඩසහටන සඳහා පූර්ණ ලෙස කැප වී සිටින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් සඳහන් කළේ නව රජය බලයට පත්වූ වහා සිය දූත කණ්ඩායමක් ලංකාවේ සංචාරය කළ බවයි.
එහි දී ජනාධිපතිවරයා සහ ඔහුගේ කණ්ඩායම සමග ඵලදායි සාකච්ඡාවල නිරත වූ බව ද ඔහු සඳහන් කරයි.
ජපානයේ පැවැත්වෙන සමුළුවකට එකතු වෙමින් ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් මේ බව කීය.