වර්තමාන ආණ්ඩුව ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 200ක ණය මුදලක් ලබා ගත්තේ ද නැද්ද යන්න ජනාධිපති අනුර දිසානායක පැහැදිලි කළ යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්රී උදය ගම්මන්පිල පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ සිය ආණ්ඩුව කිසිදු සංවිධානයකින් ණය නොගත් බව කැබිනට් ප්රකාශක විජිත හේරත් ප්රකාශ කළ ද ලෝක බැංකු වෙබ් අඩවියේ ශ්රී ලංකාවට ඩොලර් මිලියන 200ක ණය මුදලක් ප්රදානය කළ බව සඳහන් වන බවයි.
එසේම වර්තමාන ආණ්ඩුව මසක් ඇතුළත භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර අලෙවියෙන් රටේ සෑම පුරවැසියෙක්ම තවත් රු. 43 600ක ණයකරුවෙක් කර ඇතැයි ද හෙතෙම චෝදනා කරයි.