2023 සැප්තැම්බර් මාසයේදී පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් ‘චැනල් 4’ වාර්තා වැඩසටහනක් කළේය. එකී ප්‍රහාරය බලය ලබා ගැනීමට ගෝඨාභය දියත් කළ කුමන්ත්‍රණයක් බව කියා සිටියේය.
එය සනාථ කිරීමට පහත පුද්ගල සාක්ෂි ඉදිරිපත් කළේය.
1. CID යේ හිටපු IP නිශාන්ත ද සිල්වා
2. මාධ්‍යවේදිනී ෆෙඩ්රිකා ජැන්ස්
3. ලසන්ත වික්රමතුංගගේ සොයුරු ලාල් වික්‍රමතුංග,
4. මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස් අම්බිකා සත්කුනනාදන්,
5. හිටපු රාජ්‍යතාන්ත්‍රිකයෙකු වන සරත් කොංගහගේ
6. කොළඹ අගරදගුරු අති මැල්කම් රංජිත් හිමිපාණන්
7. පිල්ලෙයාන්ගේ හිටපු මාධ්‍ය ලේකම් ලෙස කටයුතු කළ සහ රටින් පලා ගිය ‘අසාද් මවුලානා
8. නම ගම හෙළි නොකෙරූ මුහුණ වැසූ පොලිස් නිලධාරියෙක් (මෙම පුද්ගලයා රවි සෙනෙවිරත්න බව දැන් ඔප්පු වී ඇත)
මුහුණ වැසූ පොලිස් නිලධාරියා එනම් රවි සෙනෙවිරත්න ගෝඨාභයට එරෙහිව ප්‍රධාන චෝදනා තුනක් ගොනු කළේය.
1. ත්‍රස්ත ප්‍රහාරයට පෙර හමුදා බුද්ධි අංශයේ ප්‍රධානියා එනම් සුරේෂ් සලේ සහරාන් හමුවුණ බව.
2. හමුදා බුද්ධි අංශය සහරාන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමට කටයුතු කළ බව
3. ගෝඨාභයගේ ආණ්ඩුව බෝම්බ ප්‍රහාර පිළිබඳ පරීක්ෂණ කඩාකප්පල් කළ බව
චැනල් 4 නාලිකාවේ වාර්තාව පිළිබඳ විමර්ශනය කිරීමට රනිල් වික්‍රමසිංහ කමිටුවක් කළේය. එය ඉමාම් වාර්තාව නම් විය. ගම්මන්පිල එළියට දැමුවේ මෙම වාර්තාවයි.
රනිල් එම පරීක්ෂණ අධිකරණය පත් කළේ රවී සෙනවිරත්න ගැන සෙවීමට නොව channel 4 නාලිකාව කියන කතාවේ ඇත්ත නැත්ත විමසා බලා නිසි කටයුතු යෙදීමටය. එනම් එම කමිටුවේ අරමුණ මුහුණ වසාගෙන සිටි රවී සෙනවිරත්නට දඬුවම් කිරීම නොව ප්‍රහාරය පිටුපස සිටි පුද්ගලයන් සොයා බැලීමය.
කෙසේ වුවද එදා මුහුණ වසා සිටි පුද්ගලයා අද පොලිසිය භාර අමාත්‍යංශයේ ලේකම් ලෙස පත් කොට ඇත. ඒ අනුව එදා මුහුණ වසාගෙන කී කතා ඔප්පු කිරීමට ඔහුට සිදු වනු ඇත. එසේ කළ නොහැකි වුවහොත් රවි සෙනෙවිරත්නට ඛේදනීය ඉරණමක් අත්වනු ඇත. රවී සෙනවිරත්නට තනතුරු දුන් ආණ්ඩුවේ පුද්ගලයන්ටද නරක කාලයක් උදා වීම වැළැක්විය නොහැක. බොහෝ විට එය මහජනයා විසින් නීතිය අතට ගැනීමක් විය හැක.
ප්‍රහාරයෙන් පසු අගමැතිවරු තිදෙනෙක් (5), ජනාධිපතිවරු තිදෙනෙක් (4), ආණ්ඩු තුනක් (4) පත් වූවත් වින්දිතයින්ට සාධාරණය ඉෂ්ඨ වී නැත. පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ෂණ අඩාල වීමට ප්‍රධානම හේතුව මෙම ප්‍රහාරයට ඉන්දියාවේ රෝ ඔත්තු සේවය සම්බන්ධ වීමය.
චැනල් 4 නාලිකාව 2023 කළ වාර්තා වැඩසටහනේ ප්‍රධාන සාක්ෂිකරුවාවූ අසාද් මවුලානා ජිනීවා වෙත රැගෙන ගියේ ඉන්දියාවේ රෝ ඔත්තු සේවයේ මැදිහත්වීමෙනි. ඔවුන් එසේ කළේ ප්‍රහාරයේ මහ මමොළකරු වූ ඉන්දියානු “රෝ” නම සඟවා ප්‍රහාරයේ ඉත්තෙක් වූ ගෝඨාභයට සම්පූර්ණ වරද පැටවීමටය.
මෙම ලියුම්කරු පාස්කු ප්‍රහාරය ඇතිවීමට මාස 3කට පෙර ඒ පිළිබඳව ලියූ අයෙකි. ප්‍රහාරයේ මහමොලකරු ඉන්දියාවේ රෝ බුද්ධි අංශය බව මුලින්ම ප්‍රකාශ කළේද මෙම ලියුම්කරුය
ඉන්දියානු බුද්ධි අංශ මෙම ලියුම්කරු ඝාතනය කිරීමට කිහිප වරක් උත්සාහ කළේය. තවත් වරෙක ඔවුන් මෙම ලියුම්කරු කුමන්ත්රණකාරී ලෙස මාස හයක් සිරගෙට යැවූයේය.
මේ ප්‍රහාරය සම්බන්ධයෙන් දින කිහිපයකට පෙර මා කතෝලික මාධ්‍ය ප්‍රකාශක ජූඩ් ක්‍රිෂාන්ත පියතුමන් සමග කතා කළේය. පවතින භූ දේශපාලනය අනුව පාස්කු දින ප්‍රහාරය පිළිබඳව අනුර කුමාරට කළ හැක්කක් නොමැති බව මා ප්‍රකාශ කළේය.
ටික වෙලාවක් නිහඩව පියතුමා ” අපි බලාගෙන ඉමු , කීර්ති..” යයි පිළිතුරු දුන්නේය.
Keerthi Ratnayake FB