උදය ගම්මන්පිල රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකර ඉලක්ක කොට සිදු කරන ප්‍රකාශ පිළිනොගන්නා බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් පවසයි.
“ගම්මන්පිල මහත්තයාගේ උවමනාව හරිම පැහැදිලියි. එතුමා ඉලක්ක කරගන්නේ, රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකර මහත්වරුන්ව. ඒ වගේම එතුමා උත්සාහ කරනවා හමුදා බුද්ධි අංශයේ සමහර අය ඉලක්ක කරලා තියෙනවා ඒ අය මේකට සම්බන්ධ නෑ කියලා. ඒක තමා ඔය චැනල් 4 නාලිකාවේ වාර්තා වැඩසටහන පිළිබඳව ඉමාම් මහතාගේ මුලිකත්වයෙන් කරපු වාර්තාව.
ඒ වාර්තාවේ අවසානයේ ඔහු කියන්න හදන්නේ ඒකනේ… අපි බලමු. ඔබ පරීක්ෂණ එක එක්කෙනා කියන ඒවා නෙමෙයි. රජයක් විදියට අපි මේ පිළිබඳ පුළුල් විමර්ශනයක් කරනවා ඒ විමර්ශනයෙන් පස්සේ, කොතැනද හරි…කොතැනද වැරදි… කවුද වගඋත්තරකරුවෝ කියලා පැහැදිලිව අවසන් තීන්දු ගන්නවා. ඒ නිසා කලබල වෙන්න ඕනේ නෑ… කවුරු කලබල වුණත් අපි කලබල වෙන්නේ නෑ.
මේ වාර්තා කලිනුත් කිව්වා ජනාධිපතිවරයා විසින් පත්කරනු ලබන විශේෂ බලතල සහිත ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් නෙමෙයි. නිකන්ම නිකන් ජනාධිපතිවරයාට තොරතුරු ගැනීම සඳහා පත්කරන ලද කමිටුවක්. ඒ කමිටුවට කිසිදු නිල බලයක් තියෙන ඒවා නෙමෙයි. ඒ නිසා මේ වාර්තාවල අඩංගු කරුණු පිළිගන්නේ නෑ. පැහැදිලිව කියනවා.”