දුම්රිය මැදිරියක මැගසිනයක් සහ පතුරොම්…!

October 29, 2024 at 5:34 pm | by emanisa.lk

මරදාන සිට බෙලිඅත්ත බලා අද (29) උදෑසන 06.30ට ධාවනය වූ දුම්රිය මැදිරියක තිබී තුවක්කුවක මැගසිනයක් හා තවත් පතුරොම් දැමු කොටසක් හමුව ඇත.

එම දුම්රිය ගමනාන්තයට ගොස් බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ ගාල් කොට තිබියදී සිදු කළ සාමාන්‍ය දුම්රිය පරික්ෂාවේ දී එහි මැදිරියක බෑගයක තිබී මෙම ආයුධ හමු වී තිබේ.

මේ සම්බන්ධයෙන් බෙලිඅත්ත පොලීසිය දැනුවත් කොට ඇති අතර අද සවස 2.50වන තුරු එම දුම්රිය බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ දී පොලිස් නිල සුනඛයන් යොදා පරික්ෂා කිරීමේ කටයුතු සිදු කරමින් පැවති බව වාර්තා වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *