ඇල්පිටියෙන් පටන් ගත්තේ මාලිමාවේ නාය යෑම… අනුර දිනලා මාසෙන් ජනතාව මැච් එක ඩ්‍රෝ කළා…!

October 27, 2024 at 7:05 pm | by emanisa.lk

ජාතික මැතිවරණ ජයග්‍රහණයකට පසු එම ආණ්ඩුව ඊළඟ මැතිවරණවල දී සිය ඡන්ද ප්‍රතිශතය වැඩි කර ගැනීම සාමාන්‍ය ස්වභාවය වුව ද මෙවර ඇල්පිටිය මැතිවරණයෙන් වෙනත් සංඥාවක් ලබා දී ඇතැයි සමගි ජන බලවේගයේ ගයන්ත කරුණාතිලක පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ 70%ක් ඡන්ද ලබා ජයග්‍රහණය කරන බවට ජාතික ජන බලවේගය පුරසාරම් දෙඩුව ද පසුගිය ජනාධිපතිවරණයේ දී මෙන්ම මෙවර ද 50%ක බහුතරය ලබා ගැනීමට අසමත්ව ඇති බවයි. මෙය මාලිමාවේ නාය යෑමේ ආරම්භය බව ද ඔහු සඳහන් කරයි.

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ආසන 30 බෙදී ගොස් ඇත්තේ ආණ්ඩුවට 15ක් සහ විපක්ෂයට 15ක් ලෙස බවත් මසකට පෙර සමගි ජන බලවේගය පරාජය වූ කොට්ඨාශ දෙකක් නැවත ජයග්‍රහණය කිරීමට සමගි ජන බලවේගය සමත්ව ඇති බවත් ගයන්ත කරුණාතිලක පෙන්වා දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *