මේක ගජමිතුරු ආණ්ඩුවක්… අනුරගේ යාළුවන්ගෙන් ආයතන පුරවලා…! – දයාසිරි…

October 27, 2024 at 3:16 pm | by emanisa.lk

ජනාධිපතිවරණයට පෙර අනුර දිසානායක මේ රටේ රාජ්‍ය සේවක වැටුප් 24%කින් ඉහළ නංවන බව ප්‍රකාශ කළ ද දැන් විජිත හේරත් එවැනි ප්‍රකාශයක් නොකළ බව පවසන්නේ යැයි සමගි ජන බලවේගයේ දයාසිරි ජයසේකර පවසයි.

දැන් බොරු කියන්නේ ජනාධිපති අනුර දිසානායක ද ඇමැති විජිත හේරත් ද යන්න ජනතාවට අවබෝධ කරගත නොහැකි බවයි, ඔහු සඳහන් කළේ.

මේ වන විට රජයේ දෙපාර්තමේන්තු සහ ආයතනවලට පත් කළ 3/4ක් අනුර දිසානායක සමග කැලණිය විශ්වවිද්‍යාලයේ එකට ඉගෙන ගත් යහළුවන් බව ද දයාසිරි ජයසේකර ප්‍රකාශ කරයි.

ඊයේ (26) හෙට්ටිපොළ පැවති සමගි ජන බලවේග ජනහමුවක් අමතමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *