හොඳ අයවැයක් ගේන්න IMF සමග සාකච්ඡා ආරම්භ කළා…! – ජනපති….

October 27, 2024 at 9:00 am | by emanisa.lk

එළඹෙන නොවැම්බර් 14 වෙනිදා ඉතිහාසයේ පිරිසිදුම පාර්ලිමේන්තුව බිහි වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

“අපේ අර්ථික උපදේශකවරයෙක් ඇතුළු මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් එක්සත් ජනපදයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා පවත්වමින් තිබෙනවා….

වඩාත් යහපත් අයවැය ලේඛනයක් සකස් කරගැනීම සඳහා. අපේ යෝජනා පිළිබඳව. ඉදිරි අයවැයෙන් රාජ්‍ය සේවක වැටුප් වැඩි කරන්න අපි අවධානය යොමු කළා.

අපිට කිව්වේ මොකක්ද?… දාලා යයි, ගෑස් පුපුරයි, තෙල් පෝලිම් එයි කියලා. අපි ඒ කිසිවක් සිදුවෙන්න ඉඩනොදී රට යථා තත්ත්වයට පත්කරලා තියෙනවා.

නොවැම්බර් 14 වෙනිදා ඉතිහාසයේ පිරිසිදුම පාර්ලිමේන්තුව නිර්මාණය වෙනවා.”

ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ, අද (26) පස්වරුවේ රත්නපුරයේ පැවති ජාතික ජන බලවේග ජන රැලියක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *