ආරුගම්බේ ප්‍රහාරය අපට නෙමෙයි… ඊශ්‍රායල ජාතිකයන්ට…! – පොලිස් මාධ්‍ය ප්‍රකාශක…

October 25, 2024 at 2:04 pm | by emanisa.lk

ආරුගම්බේ ඇතුළු ප්‍රදේශ කිහිපයක සැලසුම් කර තිබුණේ හුදෙක් ඊශ්‍රායල ජාතිකයක් ඉලක්ක කළ ප්‍රහාරයක් බව දැනට සිදුකෙරෙමින් පවතින විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.

මෙම ප්‍රහාර සැලසුමේ ඉලක්කය ඊශ්‍රායල නොවන විදෙස් ජාතිකයන්, ශ්‍රී ලාංකිකයන් හෝ වෙනත් කඩාකප්පල්කාරී ක්‍රියාවක් නොවන බවට තොරතුරු හෙළිවී ඇති බව හෙතෙම මෙහිදී පෙන්වා දුන්නේය.

මේ වනවිට එම ප්‍රහාර සැලසුම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමට පොලීසිය රැඳවුම් නියෝග ලබාගෙන තිබේ.

දෙරණ බිග් ෆෝකස් වැඩසටහනට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *