ජනතාවට විපක්ෂය තෝරා ගැනීමේ දී සර්වජන බලය හැර විකල්පයක් නොමැති බව එහි නායක දිලිත් ජයවීර පවසයි.
සර්වජන බලය බියගම ආසන බල මණ්ඩලය අමතමින් ඔහු මේ බව කීය.
1956ට පසු එවැනි ඓතිහාසික උත්සාහයක යෙදෙන පළමු අවස්ථාව සර්වජන බලය බවයි, දිලිත් ජයවීර පෙන්වා දුන්නේ.
විපක්ෂයේ ඉතිරි වී ඇති නෂ්ටාවශේෂ දේශපාලන පක්ෂ අතර සජිත් ප්‍රේමදාසගේ කාර්යභාරය අවසන් කළ යුුතු යුගය එළඹ ඇති බව ද හෙතෙම සඳහන් කළේය.
එඩිතර විපක්ෂයේ කාර්යභාරය ඉටු කිරීම සඳහා සිය පක්ෂයට ජනවරමක් ලබා දෙන ලෙස ද දිලිත් ජයවීර ජනතාවගෙන් ඉල්ලා සිටියේය.