ගම්මන්පිලට ඕන රවී-ශානි හොඳට ම කරන පාස්කු විමර්ශන කඩාකප්පල් කරන්න…! – චමීර පෙරේරා…

October 24, 2024 at 8:57 am | by emanisa.lk

ගෝඨාභය රාජපක්ෂ සමඟ නිදි වැද දැන් රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකර විසින් නිසි ලෙස මෙහෙයවන පාස්කු විමර්ශන කඩාකප්පල් කිරීමේ අරමුණින් උදය ගම්මන්පිල කටයුතු කරන බව වමේ කේන්ද්‍රයේ කැදවුම්කරු චමීර පෙරේරා මහතා පවසයි.

“ගම්මන්පිල කියන්නේ කුණු කූඩෙට වැටිච්ච කෙනෙක්. ගම්මන්පිල කරන්නේ කොන්ත්‍රාත් එකක්. ආණ්ඩුවට කියනවා ගම්මන්පිල කියන දේශපාලන අනාතයාගේ බෝලවලට බැට් කරන්න එපා. මේ සටනෙදී ගම්මන්පිල කළේ ගෝඨාභය එක්ක නිදි වැදපු එක. සුරේෂ් සලේලා බේරන්න කරන වැඩක් මේ.

ගම්මන්පිල දාලා මේක අවුල් කරන්න හදන්නේ රවී ශානිව ඉවත්කරන්න. මෙයාලට තියෙන අභියෝගය තමයි ශානි සහ රවී. ශානිට සහ රවීට මෙයාලා බයයි. මේක කරන්න පුළුවන් හොඳම දෙන්නා රවී සහ ශානී. මේ පැළැන්තිය බේරගන්න ගම්මන්පිල බෙල්ල දුන්නා. ශානිලා රවීලා අබුහින්ද් ගැන හොයමින් ඉන්නේ.

මෙයාලා ඔක්කොටම කාදිනල් හිමි සමග ඇරියස් එකක් තියෙනවා. කාදිනල් හිමියන් නිර්භයව මේකට ඉදිරිපත් නොවුණ නම් පාස්කු ප්‍රහාරය වැලි තලාවේ යට වෙන්න තිබුණා. උන්වහන්සේ නොබියව මේකට මුහුණ දුන්නා. මේ සට්ටැබියන්ට ජනතාව උත්තර දුන්නා. කාදිනල් හිමියන් තමයි මේකේ වීරයා. සියලුම දෙනා උන්වහන්සේ කළ භූමිකාව නිසා වීරයෙක් ලෙස සලකනවා.”

ඊයේ (23) කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් චමීර පෙරේරා මෙම අදහස් පළකළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *