මා වෙන් කළ මුදලින් ජනවාරියේ රාජ්‍ය සේවක වැටුප් වැඩි කරනු…! – රනිල්…

October 23, 2024 at 7:59 pm | by emanisa.lk

2025 ජනවාරි මස සිට රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමට තමා ගත් තීන්දුව නිත්‍යානුකූල බවත් එම වැටුප රාජ්‍ය සේවකයන්ට ගෙවීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

තමා ජනාධිපතිවරයා ලෙසත් මුදල් ඇමතිවරයා ලෙසත් ඊට අත්සන් කොට ඇති අතර කැබිනට් මණ්ඩලයට එම තීන්දුව ගැනීමට කිසිවෙකුගෙන් විමසීමේ අවශ්‍යතාවක් නැතැයි ද හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

එම වැටුප් නැංවීම සඳහා තමා මුදල් වෙන් කළ අතර ආණ්ඩුව දැන් ඒ සඳහා මුදල් නැතැයි පවසන්නේ නම් තමා වෙන් කළ මුදල් සඳහා කුමක් කළේ දැයි වර්තමාන ආණ්ඩුව පැහැදිලි කළ යුතු බව ද රනිල් වික්‍රමසිංහ අවධාරණය කරයි.

අද (23) රාජ්‍ය සේවක වෘත්තීය සමිති නියෝජිත පිරිසක් සමග පැවැති සාකච්ඡාවක දී හිටපු ජනාධිපතිවරයා මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *