පාස්කු විමර්ශන බොරු නම් හැදූ අයට නඩු දාන්න…හිතවතුන් බේරගන්න සූදානම් වෙන්න එපා..! – නාමල්…

October 22, 2024 at 7:49 pm | by emanisa.lk

පාස්කු විමර්ශන වාර්තා අසත්‍ය නම් එම වාර්තා සැකසූ අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පවසයි.

එසේ නොකොට සිය දේශපාලන වේදිකාවේ සිටින හිතවතුන් ආරක්ෂා කිරීමට වාර්තා ඉවත දැමීමට සූදානම් නොවිය යුතු බව හෙතෙම අවධාරණය කරයි.

අලුතින් කොමිසම් සභා පත්කළ යුතු නම් ඒ සඳහා තවත් විශාල මහජන ධනයක් වැය වන බවත් එසේ කිරීමට පෙර පැරණි වාර්තා සකස් කළ අය පිළිබඳ තීන්දුවක් ගත යුතු බවත් නාමල් රාජපක්ෂ සඳහන් කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජනහමුවක් අමතමින් ඔහු මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *