චූදිතයින් උඩ තියාගෙන පරීක්ෂණ බෑ.. රවී-ශානී ඉවත් කළ යුතුයි..! – සජබ….

October 22, 2024 at 2:57 pm | by emanisa.lk

පාස්කු විමර්ශන වාර්තා මගින් මහජන අමාත්‍යංශ ලේකම් රවී සෙනෙවිරත්නට සහ ශානි අබේසේකරට බුද්ධි අංශ වාර්තා මත පදනම් කරගෙන පර්යේෂණ නොකිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වන බව සමගි ජන බලවේග හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා පවසයි.

පොලිසිය භාර අමාත්‍යංශ ලේකම් සහ ඉහළ පොලිස් නිලධාරී තනතුරක ඔවුන් සිටීම පර්යේෂණයට බාධාවක් නම් තාවකාලිකව හෝ ඔවුන් එම තනතුරුවලින් ඉවත් කළ යුතු බවයි, ඔහු පෙන්වා දෙන්නේ.

මෙම පරීක්ෂණ සඳහා ජාත්‍යන්තර සහයෝගය ලබා ගෙන කටයුතු කළ හැකි බව ද හර්ෂණ රාජකරුණා ප්‍රකාශ කරයි.

සමගි ජන බලවේග මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *