රවී ශානි පාස්කු ප්‍රහාර චූදිතයන් නෙමෙයි… ගම්මන්පිල සැබෑ අපරාධකරුවන් බේරන්න හදනවා…! – උපුල් කුමාරප්පෙරුම…

October 21, 2024 at 8:32 pm | by emanisa.lk

උදය ගම්මන්පිල උත්සාහ කරන්නේ පාස්කු නඩු ගණනාවක ප්‍රධාන සාක්ෂිකරුවන් වන රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකරගේ විශ්වාසනීයත්වය පළුදු කොට සැබෑ අපරාධකරුවන්ට නිදැල්ලේ සිටීමට අවස්ථාව ලබා දීම බව ජාතික ජන බලවේගයේ ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම පවසයි.

පාස්කු ප්‍රහාරය පිළිබඳ බුද්ධි අංශ වාර්තාව රවී සෙනෙවිරත්න මහතාට අප්‍රේල් 09 වෙනිදා යොමු කොට ඇති අතර ඔහු අප්‍රේල් 13 වෙනිදා ලංකාවට පැමිණ ඒවා පොලිස්පති විමර්ශන සඳහා යොමු කොට ඇති බවත් හෙතෙම පෙන්වා දෙයි.

එහෙත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ පිළිබඳ විමර්ශන ඇරඹීමට පොලිස්පතිවරයාගෙන් නියෝග ලැබී නොමැති බවත් එම ආයතනයේ කාර්යභාරය අපරාධ පසුවිමර්ශන මිස මාර්ග බාධක දැමීම පුද්ගලයන් පරික්ෂා කිරීම නොවන බවත් උපුල් කුමාරප්පෙරුම සඳහන් කරයි.

එහෙයින් රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකර සිය රාජකාරී පැහැර හැරීමෙන් අපරාධයක් කළ බවට චෝදනා නැගිය නොහැකි බව ද ඔහු අවධාරණය කරයි.

අද (21) උදය ගම්මන්පිල පාස්කු කොමිසම් සභා වාර්තා ප්‍රසිද්ධියට පත්කිරීමට ප්‍රතිචාර දැක්වීම සඳහා මාධ්‍ය හමුවක් කැඳවමින් උපුල් කුමාරප්පෙරුම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *