බෑනාගේ හොර වාහනවලට මගේ කිසිම සම්බන්ධයක් නෑ… චෝදනා ඔප්පු කළොත් දේශපාලනයෙන් සමුගන්නවා..! – රෝහිත..

October 21, 2024 at 5:50 pm | by emanisa.lk

සිය බෑනාගේ නිවසේ තිබූ බව කියන වාහන සමග තමාගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පවසයි.

තමා දේශපාලන කළේ හොරමැරකම් කිරීමට නොවන බවත් අදාළ සිදුවීමට තමාගේ කිසියම් හෝ සම්බන්ධයක් ඔප්පු කළහොත් දේශපාලනයෙන් සමුගන්නා බවත් හෙතෙම අවධාරණය කරයි.

අදාළ වාහන සම්බන්ධයෙන් වහාම පරීක්ෂණ පවත්වා සත්‍ය හෙළිදරව් කරන ලෙසත් මැතිවරණයත් ආසන්නයේ මෙවැනි චෝදනා එල්ල කරනුයේ හුදු දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණ පෙරදැරිව බවත් ඔහු සඳහන් කරයි.

අදාළ වාහන සිය බෑනාගේ අයියා කෙනෙකුගේ බව වාර්තා වී ඇති බවත් මෙලෙස විවිධ පුද්ගලයන් සිදුකරන ක්‍රියා පිළිබඳ තමන්ට වගකීමක් නොමැති බවත් රෝහිත අබේගුණවර්ධන අවධාරණය කරයි.

අද (21) සිය නිවසේ මාධ්‍ය හමුවක් කැඳවමින් රෝහිත අබේගුණවර්ධන මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *