පාස්කු වාර්තාවේ මේ ආණ්ඩුවේ ප්‍රබලයන්ගේ නම් තියෙනවා… ඒවා පිළිගන්න බෑ… අපි පිළිගන්නේ මේ ආණ්ඩුව හදන එක…! – කාදිනල්තුමා…

October 21, 2024 at 9:44 am | by emanisa.lk

පාස්කු ප්‍රහාරයට අදාළව පරීක්‍ෂණ කිරිමට පසුගිය රජය විසින් පත් කළ කමිටු වාර්තා දෙකක් තමන් වෙතද ලබා දී ඇති බව අගරදගුරු මැල්කම රංජිත් කාදිනල්තුමා පවසයි.

එහෙත් එම වාර්තාවල තිබුණේ ඊට පෙර ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශම බව පැවසූ අගරද ගුරුතුමා ඊට අමතර නිර්දේශ දෙකක් කමිටුව වාර්තාවට එකතු කර තිබූ බවද සඳහන් කළේය.

වර්තමාන රජයේ ඉහළ තනතුරු දරන නිලධාරීන් දෙදෙනෙකුට දඬුවම් කළ යුතු බවට එම නිර්දේශවල දක්වා ඇති බව පැවසූ අගරදගුරුතුමන් පාස්කු ප්‍රහාරය එක් එක් ආණ්ඩුවට උවමනා ලෙස දේශපාලන වාසි තකා වාර්තා සකස් කර තිබූ බවත් පැවසූහ.

ඒ කිසිවක් පිළිගත නොහැකි බවත් වර්තමාන ජනාධිපතිවරයා අපක්ෂපාතී සාධාරණ පරීක්ෂණයක් ඒ ගැන සිදු කරන බවත් ඒ වෙනුවෙන් දෑස් ද ඇරගෙන බලා සිටින බව ද අගරදගුරුතුමන් තව දුරටත් කියා සිටියහ.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *