මං ඡන්දෙට නොඑන්නේ මාලිමාව දිනවන්න ඕන නිසයි..! – ප්‍රසන්න රණතුංග…

October 19, 2024 at 1:48 pm | by emanisa.lk

තමා මෙවර මහා මැතිවරණය සඳහා ඉදිරිපත් නොවන නමුත් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ යටතේ තරඟ කරන පිරිසට සහයෝගය ලබා දෙන බව හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.

මැතිවරණයට ඉදිරිපත් නොවීමට හේතුව පසුගිය ජනාධිපතිවරණයේ දී අනුර දිසානායකට රටේ සමස්ත ඡන්දවලින් 43%ක් ලබාගත නොහැකි වුව ද ගම්පහ දිස්ත්‍රික්කයෙන් 55%කට අධික ඡන්ද ප්‍රමාණයක් ලැබීම බවයි, හිටපු ඇමැතිවරයා ප්‍රකාශ කළේ.

2019 වසරේ දී ගෝඨාභය රාජපක්ෂ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඡන්ද 385ක් ලබා ගත් බවත් මේ වන විට මාලිමාවට ගොස් සිටින බොහෝ දෙනා සිය කඳවුරේ පිරිස බවත් හෙතෙම පෙන්වා දෙයි.

මෙම ප්‍රතිඵලය මගින් ගම්පහ ජනතාව වෙනසක් අපේක්ෂා කරන බව තහවුරු වන හෙයින් මාලිමාවට රට කරවීමට අවස්ථාවක් ලබා දීමට තමන් මෙවර තරඟ නොකරන බව ද එවිට තව දුරටත් ඔවුන්ට 75 වසරක ශාපේ, 225ම හොරු වැනි සටන් පාඨ කීමට නොහැකි වන බව ද ප්‍රසන්න රණතුංග සඳහන් කරයි.

නෙත් ගුවන්විදුලි නාලිකාව සමග සාකච්ඡාවකට එකතු වෙමින් හිටපු ඇමැතිවරයා මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *