බදු ගෙවන්න බැරි නම් කළ යුත්තේ කුමක්ද… දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්…!

October 19, 2024 at 9:09 am | by emanisa.lk

ආදායම් බදු ගෙවීම සඳහා ලියාපදිංචි වී ඇතත්, ව්‍යාපාර කටයුතු අවසන්කර තිබීම හෝ ආදායම් මාර්ග නොමැති වීම වැනි හේතු මත බදු ගෙවීමට ආදායමක් නොමැති නම් බදු ගෙවීම සඳහා සිදුකර ඇති ලියාපදිංචිය අක්‍රීය කරගත හැකි බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

බදු ගෙවීමට තරම් ආදායමක් හෝ ලාභයක් නොමැති නම්, ඒ බව සනාථ කළ හැකි ලේඛන මාර්ගගත ක්‍රමය යටතේ දෙපාර්තමේන්තුව වෙත 2024.11.30 දිනට ප්‍රථම ඉදිරිපත් කළ යුතුය.

ඒ අනුව 2023.04.01 දින සිට 2024.03.31 දින දක්වා එනම් 2023/2024 තක්සේරු වර්ෂයට නියමිත ආදායම් වාර්තා යොමුකිරීමේ පහසුකම www.ird.gow.lk යන දේශීය ආදායම් වෙබ් අඩවියේ දැක්වෙන ඊ සේවාවට පිවිසීමෙන් ලබා ගත හැකිය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *