මාලිමා මන්ත්‍රීවරුන්ට මං වගේ ලොකු සේවයක් ජනතාවට කරන්න වෙනවා…! – රෝහිත…

October 18, 2024 at 7:02 pm | by emanisa.lk

ඉදිරි පාර්ලිමේන්තුවට පත්වන මාලිමාවේ මන්ත්‍රීවරුන්ට ද තමන් දශක ගණනාවක් තිස්සේ සිදුකළ සේවාව වැනි සේවාවක් කිරීමට සිදුවන බව රෝහිත අබේගුණවර්ධන පවසයි.

එම මන්ත්‍රීවරුන්ට ද උදේ හයට අවදී ජනතා ගැටලු විසඳීමට ද ඔවුන්ගේ මරණෙට මගුලට කරදරේට ගැටලුවට තමා මෙන්ම ළෙංගතුව කටයුතු කරන්නට ද සිදුවන බවයි, ඔහු ප්‍රකාශ කළේ.

මෙයට පෙර ද හතු පිපෙන්නා සේ රැලි මතු වී හාමුදුරුවරු, රණවිරුවන්, නළු නිළියන්, වියතුන් පාර්ලිමේන්තුවට ගොස් වසර පහෙන් වාෂ්ප වුව ද නියම දේශපාලන අරටු මෙන් තමන් තවමත් නොසැලි ඇතැයි ද රෝහිත අබේගුණවර්ධන සඳහන් කරයි.

කළුතර දී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනහමුවක් අමතමින් ඔහු මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *