රටේ වැඩිපුර ඉන්නේ උගත් හොරු.. ලේකම් නැතිව ඇමැතිට හොරකම් කරන්න බෑ…! – මෛත්‍රී…

October 17, 2024 at 4:53 pm | by emanisa.lk

රටේ උගතුන් අතර ද හොරකම් කරන විශාල පිරිසක් ඇතැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

අමාත්‍යංශ ලේකම් සහ ප්‍රධාන ගණකාධිකාරිවරයා නොදැන කිසිදු ඇමැතිවරයෙකුට හොරකම් කළ නොහැකි බවයි, හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ.

ඔවුන්ගේ ආධාර අනුබලය ඇතිව ඇමැති හොරකම් කරන විට ලේකම් සහ ගණකාධිකාරී ද හොරකම් කිරීමට පටන් ගන්නා බව ද ඔහු පෙන්වා දෙයි.

ඊයේ (16) කොළඹ පැවති වරලත් ගණකාධිකාරීවරුන්ගේ සමුළුව අමතමින් මෛත්‍රීපාල සිරිසේන මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *