ජනපීඩක IMF බදු සූත්‍රය වහා වෙනස් කරනු… බැරි නම් මට දෙනු…! – සජිත්…

October 17, 2024 at 8:02 am | by emanisa.lk

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් රට තුළ ක්‍රියාත්මක කර තිබෙන ජන පිඩක බදු සූත්‍රය සංශෝධනය කර ජනතා හිතෛෂී බදු සුත්‍රයකට මුල පිරිය යුතු බව සමඟි ජන සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.

සමඟි ජන බලවේගය මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වන්නේ IMF එකත් සමග ඇති ජනපීඩිත ගිවිසුම IMF රාමුව තුළ සිට සංශෝධනය කරන ප්‍රතිපත්ති මාලාවක් සමඟින් බවයි, ප්‍රේමදාස මහතා සඳහන් කළේ.

ඔහු මේ බව පැවසුවේ අද (16) කොළඹ පදනම් ආයතනයේ දී බටහිර කොළඹ සංවිධායක අප්සාරි තිලකරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැති ආසන ක්‍රියාකාරී හමුවකදීය.

එහිදී තවදුරටත් අදහස් දක්වමින් ප්‍රේමදාස මහතා කියාසිටියේ IMF රාමුව තුළ ජනතාවගේ කරපිට පටවන බර ලිහිල් කරන නව ගිවිසුමකට වත්මන් රජය යා යුතු බවයි.

42% කගේ කැමැත්තෙන් බිහිවු වත්මන් ජනාධිපතිවරයාගේ වගකීම වන්නේ බදුබර අඩු කරන ගමනකට යාම බවද ප්‍රේමදාස මහතා කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *