ශ‍්‍රී ලංකන් නියමුවන් ගුවනේ දී ඇවිලේ… මහ අනතුරක් නූලෙන් බේරෙයි…!

October 15, 2024 at 11:26 am | by emanisa.lk

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් යානයක ප්‍රධාන නියමුව හා සහායක නියමුවරියගේ වැඩ තහනම් කර ඔවුන් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇත.

ශ‍්‍රී ලන්කන් ගුවන් සේවය සඳහන් කරන්නේ පසුගියදා ඕස්ට්‍රේලියාවේ සිට කටුනායක ගුවන්තොටුපළ බලා පියාසර කළ ගුවන් යානයක සහායක නියමුවරිය වැසිකිළියට ගොස් ආපසු පැමිණෙන විට ප්‍රධාන නියමුවා නියමු කුටියට පිවිසීමට දොර විවෘත නොකිරීම නිසා මෙම ගැටළුකාරී තත්ත්වය මතු විය.

මෙම තත්ත්වය පාලනය කිරීමට යානයේ සෙසු කාර්ය මණ්ඩලය ද දැරි පරිශ්‍රමයක් දරා ඇති අතර යානය කටුනායකට ගොඩබෑමෙන් අනතුරුව සහය නියමුවරිය මේ පිළිබඳ පැමිණිලි කර තිබේ.

ඒ අනුව මෙම ගුවන් නියමුවන්ගේ සේවය අත්හිටුවා විමර්ශන ආරම්භ කර ඇතැයිද ගුවන් සේවය කියා සිටී.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *