අප්‍රේල් වෙද්දි අර්බුදය දෙගොඩතලා යනවා… ජනතාව රනිල් ඉල්ලලා පාරට බහිනවා..! – රාජිත…

October 14, 2024 at 2:15 pm | by emanisa.lk

වර්තමාන ආණ්ඩුව එපා වී රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා ඉල්ලා සිටින දිනය වැඩි ඈතක නොවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පවසයි.

“සජබ අර්බුදය පේනවා තමුන්නාන්සෙලාට ඇතුළෙ ඉන්නකොට. මේ දැඩි කළකිරීමක ඉන්නෙ පක්ෂ නායකත්වය ගැන.

මාලිමාවෙත් අර්බුද තියෙනවා. ඔවුන් IMF එකේ කොන්දේසිවලට ඉස්පිල්ලක්, ඇලපිල්ලක්, පාපිල්ලක් නෑරම එකඟ වෙනකොට, තමන්ගෙ නායකයො මුද්දර ගහගෙන බොහොම උජාරුවෙන් ඒවා ජනතාවට පෙන්නනකොට ඇත්තටම ඒගොල්ලන්ට හිරිකිතයක් ඇති වෙනවා.

ඒ නිසා මාලිමාවත් හෙල්ලිලා තියෙන්නෙ. එන අප්‍රේල් මාසෙ වෙනකොට මේ අර්බුදය දෙගොඩතලා යනවා. මේ ආණ්ඩුව එපා වෙනකොට ආපහු ජනතාව රනිල්ව තමා ඉල්ලා හිටින්නේ.”

රාජිත සේනාරත්න මහතා මේ බව පැවසුවේ ඊයේ (13) පැවති නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාක්ෂිකයින්ගේ හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *