ඡන්දෙට පස්සේ උතුරේ නායකයන් ආණ්ඩුව සමග වැඩ කරන්න සූදානම්..! – ජනපති…

October 13, 2024 at 3:27 pm | by emanisa.lk

ජනාධිපතිවරණයේ දී තමන් කෙරෙහි විශ්වාසය තැබූ පිරිසට වැඩි පිරිසක් මහා මැතිවරණයේ දී උතුරු නැගෙනහිර සහ කඳුකර තමන් කෙරෙහි විශ්වාසය තබන බව ජනාධිපති අනුර දිසානායක මහතා පවසයි.

ජනාධිපතිවරණයට පසු තමා හමු වූ උතුරේ නායකයෙක් මහා මැතිවරණයට පසු තමන් සමග වැඩ කිරීමට සූදානම් යැයි පැවසූ බව ජනාධිපතිවරයා අනාවරණය කරයි.

තමන් ආණ්ඩුව සමග වැඩ නොකළහොත් උතුරේ ජනතාව ජනාධිපතිවරයා සමග වැඩ කිරීමට සූදානම් යැයි ද උතුරේ නායකයා තමන් සමග පැවසූ බවයි, ජනාධිපති අනුර දිසානායක ප්‍රකාශ කළේ.

ඉතිහාසයේ ප්‍රථම වතාවට පිරිසක් දේශපාලනයෙන් විශ්‍රාම යන බවත් දේශපාලන පරිවර්තන යනු ඒවා බවත් ජනාධිපතිවරයා වැඩි දුරටත් පවසයි.

අද (13) ඉදිරි මහා මැතිවරණයට ඉදිරිපත් වන ජාතික ජන බලවේග අපේක්ෂකයන් සහ ජනාධිපතිවරයා අතර පැවති හමුවක දී හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *