හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් සිව් දෙනෙකුට එරෙහිව ඊයේ (10) කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා පත්ර භාර දී තිබේ.
මෙම අධි චෝදනා පත්ර භාර දීමෙන් පසු එක් විත්තිකරුවෙකු රුපියල් මිලියන 10 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කර ඇත. එමෙන් ම, විත්තිකරුවන්ට විදේශ ගමන් තහනම් කිරීමට අධිකරණය නියෝග කර තිබේ.
අධිකරණය තව දුරටත් නියෝග කර ඇත්තේ, මෙම විත්තිකරුවන් විදේශ ගමන් බලපත්ර අධිකරණයට භාරදිය යුතු බවත් ඔවුන් විදේශගත වන්නේ නම් අධිකරණයේ අවසර ලබා ගත යුතු බවත් ය.
ග්රීසිය දැඩි ආර්ථික අර්බුදයක පවතින කාලයක් තුළ ඒ බව දැන දැනත් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීමෙන් රජයට රු. මිලියන 1843කට අධික මුදලක් පාඩු කළැයි චෝදනා කරමින්, හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු පස් දෙනෙකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම නඩු පවරා තිබේ.